Friday, October 5, 2012



මේ දවස් වල ඉස්කෝලේ වැඩ ටිකක් වැඩි හින්දයි කාලෙකින් ලියන්න බැරි උනේ.ඔන්න ඉතින් ඒ ඔක්කටොම හරි යන්න අද මම හොද post එකක් දානවා.ඒ තමයි  MS WORDහි ලිපියක් පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරන හැටි.MS WORD කියන්නේ අපේ රාජකාරී ලිපි මෙන්ම පෞද්ගලික ලිපිත් සකස් කරන සොෆ්ට්වෙයා එකක්.ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් ලිපියක් හදලා save කරාට ඒක ඕනි කෙනෙක්ට බලන්න පුලුවන්නේ.ඒ විදිහට අපේ පෞද්ගලික තොරතුරුත් ඕනි කෙනෙක්ට කියව‍න්න පුලුවන්නේ.අන්න එක වලක්වන්න තමයි අද මම MS WORD ලිපියක් පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරන හැටි කියලා දෙන්න යන්නේ.

1.මුලින්ම  MS WORD ඕපන් කරලා මොකක් හරි ලිපියක් ලියන්න.
2.දැන් එහි ඇති office button එක click කරලා prepare වලට යන්න.


3.දැන් ඒකෙන් Encrypt Documents තෝරන්න.
4.ඉන් පසු එන බොක්ස් එකෙහි පාස්වර්ඩ් එක type කරන්න.Reenter Passwordහි නැවත එම පාස්වර්ඩ් එකෙම type කරන්න.
දැන් ඔබේ වැඩේ සාර්ථකයි.ඉන් පසු ලිපිය save කරලා ආයේ open කරලා බලන්නකෝ..එතකොට මේ වගේ පාස්වර්ඩ් එක ගහන්න තැනක් එයි.

දැන් ඒ ලිපියට පාස්වර්ඩ් නොගහා කාටවත් යන්න බෑ..
සුභ දවසක්!